“ජනපති පොදු සමා සිරකරු ලේඛණයේ ඩබ් එම් අතුල තිලකරත්නගේ නම නැති බව පළි ගන්නවා
එහෙත් අතුල තිලකරත්න මුදා හැරීමට තම සේවාදායකයා කටයුතු කර ඇත්තේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛයක ප්‍රතිපාදන අනුවයි
අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ චක්‍ර ලේඛයකට අනුව රාජකාරියක් කල තම සේවාදායකයා අත් අඩංගුවට ගත්තා නම් චක්‍ර ලේඛය නිකුත් කල අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාත් අත් අඩංගුවට ගත යුතුයි
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල කියයි
සිරකරුවන්ට පොදු සමාව දීමට ජනපති හැර වෙනත් කිසිවකෙුට බලයක් නැහැ
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා චේතනන්තිවතම අපරාධමය ක්‍රියාවක් සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා විමර්ශන අවසන් නැහැ යළි රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටිනවා
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් කියයි
අනුරධපුර මහාධිකරණය හමුවේ පැවති එච්සී/69/2018 අංක දරණ නඩුවේ විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න නැමැත්තාට පසුගිය වෙසෙන් පොහොය දිනය දා ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න යන අය ඔහුට එරෙහිව තිබු අදාළ නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ඉඩ සැළැස්වූ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයින් කල ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා දෙවන වරටත් ප්‍රතික්ෂේප කළේය
ඒ අනුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 13 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රත්වරයා නියෝග කරු ලැබීය සැකකාර අනුරාධපර බන්ධනාගාර අධිකාරිවරිවයාගේ ඇප ඉල්ලීම මෙළෙස ප්‍රතික්ෂේප කලේ
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (11) යළි කැඳවූ අවස්ථාවේදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කියා සිටියේ ඩබ් එම් අතුල තිලකරත්න නැමති විත්තිකරුගේ නම ජනාධිපතිවරයා විසින් වෙසක් පොහොය දිනයේ ජනපති පොදු සමාව යටතේ නිදහස් කල සිරකරුවන්ගේ නාම ලේඛණයේ නොමැති බවයි
ජනපති පොදු සමාව ලබා දීමට සුදුසුකම් ලබා ඇති සිරකරුවන්ගේ නාම ලේඛණයක් දිවයිනේ සෑම බන්ධනාගරයකින්ම ජනාධිපතිවරයා වෙත ගෙන්වා ගන්නා බවද අධිකරණයට සැළකළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම ලේඛනය ඒ ඒ බන්ධනාගාර වල අධිකාරිවරුන් විසින් සිය අත්සනින් බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවිය යුතු බවත් පසුව බන්ධනගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ ලේඛණය අත්සන් කර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවිය යුතු බවත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අදාළ ලේඛණය අත්සන් කොට ජනාධිපති ලේකම්වරයා මගින් ජනාධිපතිවරයා වෙත යොමු කල යුතු බවත් කීවාය
ඒ අනුව ජනපති සමාව යටතේ නිදහස් කල යුතු බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා යවා ඇති ලේඛනයේ ඩබ් එම් අතුල තිලකරත්න නැමැත්තාගේ නම සදහන්ව නැති බවද අවධාරණය කල අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම පිළිවෙළටම ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද අනුරාධපුර බන්ධනාගාර වෙත එවා ඇති ජනපති පොදු සමාව ලබා දිය යුතු සිරකරු නාම ලේඛණයේ අතුල තිලකරත්නගේ නම සඳහන්ව නැති බවද පැවසුවාය
ඒ අනුව මෙය චේතනන්තිවතම සිදු කල අපරාධමය වරදක් බවට සැක කරන්නේ යැයිද පවසා සිටි අතිරේක සොලිසටර් ජනරාල්වරිය ජනපති පොදු සමාව ලබා දෙමින් අනුරාධපුර
බන්ධනාගාරයට එවා ඇති ලේඛණයේ ඩබ් එම් අතුල තිලකරත්න යන අයගේ නම නැතත් අනුරාධපර බන්ධනාගාරයේ සිරකරු ලේඛණයේ ඩබ් එම් අතුල තිලකරත්නගේ නම ඉදිරියෙන් සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් නිදහස් යනුවෙන් සළකුනු කොට සිය අත්සන තබා ඇති බවද පැවසුවාය
පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවද අවධාරණය කල අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය ඉන් බැහැරව සිරකරුවන් නිදහස් කිරීමට හෝ නිදහස් කිරීමට අනුමැතිය දීමට කිසිවෙකුට බලයක් නැති බවද කීවාය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පැවසුවේ වෙසක් පොහොය දා ජනපති පොදු සමාව ලබා දුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු නාම ලේඛනයේ ඩබ් එම් අතුල තිලකරත්නගේ නම ඇතුලත් නොවන බව පිළි ගන්නා බවයි
එහෙත් මීට වසර කිහිපයට පෙර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛයක සඳහන් නීතිමය ප්‍රතිපාදන මත තම සේවාදායකයා ඇතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛයකට අනුව සිරකරුවෙකු නිදහස් කරමින් රාජකාරියක් කල තම සේවාදායකයා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කලා නම් අදාළ චක්‍ර ලේඛය නිකුත් කල අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතු බවද කියා සිටියා.
මෙතන සිදුව ඇත්තේ ජනාධිපති පොදු සමාව සහ ජනාධිපති විශේෂ පොදු සමාව පටලවා ගැනීමක් මෙන්ම චක්‍ර ලේඛණ වැරදි සහගත ලෙස වටහා ගැනීමක් බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා කිවේය.
මෙම කරුණු සැළකිල්ලට ගෙන තම සේවාදායකයා ඔනෑම ඇප කොන්දේසියක් මත මද හරින ලෙසද නීතිඥවරයා අයැද සිටියේය”
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා සමඟ නීතිඥවරුන් වන කාලිංග රවින්ද්‍ර / නලීන් දිමුතු බංඩාංර/ මදාරා විජේසිංහ/චතුර ධනංජය රණතුංග/සංජය රත්නායක/ සුනන්ද තෙන්නකෝන් සහ සුසිල් සිරිවර්ධන යන මහත්ම මහත්මහූ ඇතුඑ නීතිඥවරුන් කන්ඩායමක් පෙනී සිටියහ
සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහා් කරුණාරත්න මහතා අධිකරනයට ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලේඛණයක් සකස් කිරීම සිරකරුවෙකුට පළා යාමට ආධාර අනුබල දීම සහ රජය අපකීර්තියට පත් කිරීම යන චෝදනා යටතේය රිමාන්ඩ් කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ඊයේ (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන අවේ මහනුවර පල්ල්කැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ සිටය