ජනාධිපතිවරයාගේ සමාව අවභාවිතයට ලක් කරමින් වරදකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.
මේ අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම සිද්ධියට සෘජුව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බවයි.
මේ අතර අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා.