දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 26,225 දෙනෙකු පරික්‍ෂා කළ බව පොලීසිය පවසනවා.

එහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 602ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තුකරුවන් 203 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරික්‍ෂාකාරී රිය පැදවීම්වලට අදාළව පුද්ගලයින් 14 දෙනෙකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,570 දෙනෙකු එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.