අම්බලන්ගොඩ, පැටිවත්ත, වතුගෙදර ප්‍රදේශයේදී පසුගිය 09 වනදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා එම ඝාතනය සිදු කිරීමට උත්සාහ දරා තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන පින්නදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.