අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පත්කර තිබෙනවා.

එමෙන්ම එම කණ්ඩායමේ සහායක පුහුණුකරුගේ වගකීම ද ඔහුට පැවරී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්.

එම තරගාවලියට සහභාගී වීම සඳහා අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඒ අනුව අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම සිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණුවීම් කටයුතු ශ්‍රී ලංකාවෙන් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වය යටතේයි.