අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතය තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ බූසාන් හීදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි.

අමෙරිකානු - චීන නායකයින්ගේ මෙම හමුවේදී තීරුබදු ඇතුලු දෙරට අතර පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ. ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් චීනයට පනවා ඇති සියයට සියයක තීරු බද්ද මෙම සාකච්ඡාවල ප්‍රමුඛතම කරුණක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
චීනයට අයත් “ටික්ටොක්” සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි බොහෝ පාර්ශ්ව පෙන්වා දෙනේනේ. අමෙරිකානු - චීන ජනාධිපතිවරුන් දෙදෙනා මෙලෙස හමුවීමට නියමිතව ඇත්තේ 2019 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.