Published
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කෙරුණද එය ප්‍රමාණවත් නොවන බව කෘෂි විද්වතුන් පෙන්වා දෙනවා. කෙසේවෙතත් තීරු බද්ද අඩු කිරීම හරහා කලාපයේ සෙසු රටවල් සමග පැවති සාපේක්‍ෂ අවාසිය මේ වන විට නොමැති බවයි රුහුණ විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අමෙරිකානු තීරු බද්ද සියයට 10ක හෝ 15ක මට්ටමට ළඟා කරගැනීමට රජය අවශ්‍ය පියවර ගනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. පවතින තත්ත්වය හමුවේ කුරුඳු අපනයනය සඳහා වෙනත් වෙළඳපොළවල් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද රුහුණ විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් පැවසුවා.