Published
අමෙරිකාව, යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර තිබෙනවා.
ඔහු මෙම තීරණය ගත්තේ දෙවන වරටයි.
ට්‍රම්ප් සිය පළමු ධූර කාලය තුළද අමෙරිකාව, යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් කරගත් අතර පසුව ජනපති ධූරයට පත්වූ ජෝ බයිඩන් විසින් එම තීරණය ආපසු හැරවූවා.
යුනෙස්කෝ සංවිධානය, අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙවන ලෝක යුද්ධයෙන් පසු ආරම්භ කරන ලද පැරිස් පදනම් කරගත් ආයතනයක්. ඒ අනුව අමෙරිකාව ඉන් ඉවත් වීම ලබන වසර අවසානයේ සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ඉවත් වීම සිදු වන්නේ ට්‍රම්ප්ගේ “අමෙරිකා ෆස්ට්” විදේශ ප්‍රතිපත්තියට අනුවයි.
කෙසේවෙතත් අමෙරිකාවේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව ඇතුළුව ස්ථාන 26 ක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවට නම් කර තිබෙනවා.