FBI හෙවත් අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩෑන් බොන්ගිනෝ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එළඹෙන ජනාවාරි මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ත්‍ඊෂ නියෝජ්‍ය ප්‍රධානියා ප්‍රකාශයට පත් කර ඇත්තේ.
අරමුණක් ඇතිව සේවය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩිට සහ ත්‍ඊෂ අධ්‍යක්‍ෂවරයා වෙත සිය ස්තුතිය පළ කරන බවයි ඩෑන් බොන්ගිනෝ ඞ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ත්‍ඊෂ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත් කළ බොන්ගිනෝ ඊට පෙර නිව්යෝර්ක්හි පොලිස් නිලධාරියෙකු ලෙසත් එක්සත් ජනපද රහස් ඔත්තු සේවා නියෝජිතයෙකු ලෙසත් කටයුතු කළා.
ඔහු මෑත වර්ෂවලදී පොට් කාස්ට් සහ අනෙකුත් මාධ්‍ය වැඩසටහන් හරහා විශාල අනුගාමිකයින් පිරිසක් ගොඩනගා ගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන බොන්ගිනෝ ත්‍ඊෂ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත් කිරිම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ත්‍ඊෂ නියෝජිතයන්ගේ සංගමය එම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කළා.
ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බොන්ගිනෝ විශිෂ්ට කාර්යයක් කළ බවයි.




