අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පිහිටි ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ බිස්කයිලූස් පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා.
එම පිපිරීමෙන් රජයේ නිලධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඔවුන් බෝම්බ පිපිරීම්, ගිනි තැබීම් සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අය වනවා.
අවුරුදු 19 ත් 33ත් අතර කාලයක් නිලධාරීන් තිදෙනා එම දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
පිපිරිම හේතුවෙන් මෙතෙක් කිසිදු තුවාලකරුවෙක් වාර්තා වී නැහැ.
බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් විසින් අදාළ දෙපාර්තමේන්තුව වෙත පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමේදී එම පිපිරීම සිදු වී තිබෙනවා.
අදාළ පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂිතව රැගෙන නොයාම හේතුවෙන් එම පිපිරීම සිදුව ඇති බවටයි ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පවසන්නේ.
එම පුපුරණ ද්‍රව්‍ය අදාළ පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ප්‍රාන්ත ආරක්ෂක බලධාරීන් පවසන්නේ.