අමෙරිකාව විසින් ලංකාවට පැන වූ බදු 44% සිට 30% දක්වාත් පසුව 20% දක්වාත් අවම කර ගැනීමට ජනපතිගේ උපදෙස් මත අදාළ මෙහෙයුම දියත් කළ අමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ආශිර්වාද පතා පිංකමක් අමෙරිකාවේ දී පවත්වා තිබුණා.
ඒ වොෂින්ටන් DC විහාරයේදියි.
එම පිංකම උතුරු අමෙරිකාවේ ප්රධාන සංඝ නායක හා එම විහාරාධිපති මහරගම ධමිම සිරි නාහිමි ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කර තිබුණා
වොෂින්ටන් විහාරයේ පිංකමට මහා සංඝරත්නය ප්රමුඛ ලාංකිකයන් විශාල පිරිසක් ද එක්විය.
තවද හෙගස්ටවුන් සම්බුද්ධාලෝක විහාරාධිපති අමෙරිකාවේ අධිකරණ සංඝ නායක මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි හා තානාපතිවරයා අතර පැවැති සූම් හමුව හරහා ද ආශිර්වාද කෙරිණ.
ලංකාව ඉතා අසීරු අඩියට පත්වූ අවස්ථාවේ IMF සමග සාකච්ඡා කොට එහි දූතපිරිසක් ලංකාවට යවා එවකට ජනපති හා සෙසු පිරිස් සමග එක්ව එම වැඩ පිළිලෙ ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ද තානාපති මහින්ද සමරසිංහ මහතා සලකනු ලබනවා.
කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සදහා තීරණාත්මක යුද්ධය පැවැති සමයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා ලංකාවට එල්ල වූ මානව හිමිකම් චෝදනා වසර 10 ක් පුරා සටන් කළ කණ්ඩායමේ නායකයා ලෙස ද ලංකාවේ පළමුවන මානව හිමිකම් ඇමති ලෙස ද තානාපති මහින්ද සමරසිංහ මහතා ලංකාවට ඉතිහාසගත සේවයක් ඉටු කර තිබෙනවා.
තවද රට බංකොලොත් වූ අවස්ථාවේ අමෙරිකාවෙන් ඩොලර් මිලියන 60 ක ඖෂධ ඩොලර් මිලි 50 ක පොහොර හා ආයෝජන ලබාදීමට තානාපති මහින්ද සමරසිංහ මහතා කටයුතු කිරීම ද කරපුටුගල ඉන්දරතන නාහිමියන්ගේ අගැයුමට ලක්විය.
Published