අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද සමගි ජන බලවේගය සමග ඇති කර ගෙන තිබෙන දේශපාලන සබඳතා දුරස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

ඔහු පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අයවැය ඡන්ද විමසීමේදි ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමට තම පක්ෂය තීරණය කළ බවයි.

අයවැයට පක්ෂව විපක්ෂය සමග සන්ධානගතව සිටි මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.