Published
ජාතික ජන බලවේගයට බලය හිමි ඇතැම් පළාත් පාලන ආයතනවල අයවැය පරාජයට පත් වුණේ විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ කුමන්ත්රණයක් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සූරවීර මහතා පවසනවා.
පසුගිය 21 වනදා නුගේගොඩ පැවති රැළිය ඉලක්ක කර ගනිමින් ඔවුන් එලෙස සිය පක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට කටයුතු කළ බවයි මන්ත්රීවරයා පැවසුවේ.
කෙසේවෙතත් එලෙස අයවැය පරාජයට පත් වූයේ ජාතික ජනබලවේගය තනිව බලය පිහිටූ පළාත් පාලන ආයතන නොවන බවද පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.
එම පළාත් පාලන ආයතනවල අයවැය පරාජයට පත්වීම ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




