Published
මේ අතර, අයවැය සම්බන්ධයෙන් අද පැවති විවාදයේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විවිධ අදහස් පළ කළා.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී කියා සිටියේ අයවැය සම්බන්ධයෙන් විපක්ෂයෙන් අවශ්‍ය වන්නේ සාධනීය විවේචනයක් බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අයවැය තුළ කිසිදු හරයාත්මක දෙයක් නොමැති බවයි.
එහෙත් අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ කිසිදු ආණ්ඩුවකට සිදු කිරීමට නොහැකි වූ කටයුතු පවා වත්මන් ආණ්ඩුව ඉටු කර ඇති බවයි.
හොරු අල්ලන මුවාවෙන් පැමිණි වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස්ම විවිධ වංචාවලට හසු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එහිදී පැවසුවා.



