පාලක රිපබ්ලිකන් පක්ෂය ඉදිරිපත් කළ අරමුදල් පැකේජයක් සෙනට් මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත කිරීම, ඩිමොක්‍රටික් පක්ෂය විසින් අවහිර කිරීම හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපද රජය නිල වශයෙන් වසාදමා තිබෙනවා.

අදාල අරමුදල් පැකේජයෙන් සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති මුදල් වැඩිකරන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉල්ලා ඇති අතර පාලක රිපබ්ලිකන් පක්ෂය එකඟ නොවීම හේතුවෙන් එම අරමුදල් පැකේජය සම්මත කිරීම ඩිමොක්‍රටික් පක්ෂය විසින් අවහිර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ බහුතර බලය පාලක රිපබ්ලිකන් පක්ෂය සතු වුවද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව ඇති බැවින් එලෙස අදාල අරමුදල අවහිර කිරීමට හැකි වී තිබෙනවා.

අමෙරිකානු රජය වසා දැමීම හේතුවෙන් රජයේ සේවා රාශියක් නතර වී ඇති අතර ලක්ෂ සංඛ්‍යාත සිවිල් සේවකයින්ට තාවකාලිකව වැටුප් නොමැතිව සිය රාජකාරි සිදු කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මීට පෙර 2018 - 2019 කාලසීමාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළද අලුත් අවුරුදු දිනය ඇතුලුව සති පහක කාලයක් සඳහා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබුණා.

ඒ අනුව වසර 06කට පමණ පසු අරමුදල් අනුමත නොවීම හේතුවෙන් අමෙරිකානු රජයේ කටයුතු නතර වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.