විශ්ව රූ රැජින ලෙස මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් අද කිරුළු පැළඳුවා.

ඒ, තායිලන්තයේ පැවති විශ්ව රූ රැජින අවසන් මහා තරඟයේදීයි.

අමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ කරන ලද විශ්ව රූ රැජින, ලොව දීර්ඝතම කාලයක් පවත්වන රූපලාවන්‍ය තරඟවලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

එහෙත් මෙවර එය අන් කවරදාකටත් වඩා අපකීර්තියකට සහ ආන්දෝලනයකට තුඩු දුන් තරඟ වාරයක් බවට පත් වුණා.

විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි 25 හැවිරිදි මෙක්සිකෝවේ ෆාතිමා බොෂ්ට එක් වරකදී තරඟකාරියක් විසින් තරඟකාරියන් ඉදිරියේ ප්‍රසිද්ධියේ බැන වැඳීම ඒ අතරට අයත්.

ඉන් සතියකට පසු තරඟාවලියේ විනිසුරුවන් දෙදෙනෙකු ද ඉල්ලා අස් වුණා.

ඉන් එක් අයෙකු තරඟය වංචා කළ බවටයි සංවිධායකයින්ට චෝදනා කළේ.