Published
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනා, කාන්තාව සහ කුඩා දරුවා මෙරටට රැගෙන ඒම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා.
ආරක්ෂක අංශ පවසන්නේ ඉදිරි දින කිහිපය ඇතුළත ඔවුන් මෙරටට රැගෙන ඒමට හැකිවනු ඇති බවයි.
මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු, බැකෝ සමන්ගේ බිරිඳ සහ කුඩා දරුවෙකුයි.
ඔවුන් සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳ වාර්තාවක් දැන්.




