වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එය සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එම් එස් මොහාන් ලාල් මහතා එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්‍ෂ ලෙස පත් කර තිබෙනවා.
පොලිස් අධිකාරී ඒ එස් කේ බණ්ඩාර මහතා ස්ථාන මාරු කර ඇත්තේ අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.
ගල්කිස්ස කොට්ඨාසයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් ටී අනුරංග මහතාද අපරාද පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරු කර තිබෙනවා.
සහකාර පොලිස් අධිකාරී බී එල් ඒ ප්‍රසන්න මහතා ඇල්පිටිය කොට්ඨාසයේ සිට ස්ථාන මාරු කර ඇත්තේ නුගේගොඩ කොට්ඨාසය වෙතයි.
ඒ අනුව නුගේගොඩ කොට්ඨාසයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී එම් ඩී පී දීප්ති කුමාර මහතා ඇල්පිටිය කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනෙකුද ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ අනුව බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ජේ ඩී ඩී සී ජයකොඩි මහතා බදුල්ල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
කොළඹ මධ්‍යම කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක ඩබ්ලිව් ඩී කේ සී නවරත්න මහතා බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරික්‍ෂක ආර් පී සී යූ රාජපක්ෂ මහතා ස්ථාන මාරු කර ඇත්තේ මානව සම්පත් කළමනාකාර කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙසයි.
ගම්පොළ මූලස්ථාන පොලිස් පරික්‍ෂක, ප්‍රධාන පොලිස් පරික්‍ෂක බී පී එල් ප්‍රනාන්දු මහතා මඩකලපුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරික්‍ෂක කේ එම් ඩී එන් ඩී කාන්ගර මහතා ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොළ මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අංකුඹුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කේ ඩබ්ලිව් සී එන් අබේනාරායන මහතා ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ අනුව අංකුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාතලේ කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරික්‍ෂක එස් එස් කේ රත්නායක මහතා ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
නව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක ඩී ජී එස් විජේසිංහ මහතායි.
ඔහු මීට පෙර ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබුණා.
බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ පොලිස් පරික්‍ෂක එම් එච් එන් තාරක මහතා පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ අනුව බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මීගමුව කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරික්‍ෂක එස් එම් එන් එන් සිරිපති මහතා ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.