මහව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දොළහක අල්ලස් මුදලක් ලබා ගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු වැල්ලවාය තණමල්විල මාර්ගයේ ඇතිලිවැව ප්‍රදේශයේ අවන්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

රජයේ ඉඩමක් කිසිදු බාධාවකින් තොරව පැමිණිලිකාර පුද්ගලයා වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් ලක්ෂ තිස් පහක අල්ලස් මුදලක් ලබා දෙන ලෙස සැකකරු දන්වා ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම මුදලින් ලක්ෂ දහයක් ලබා ගැනීම, ඉතිරි ලක්ෂ විසිපහක මුදලින් ලක්ෂ දොළහක මුදලක් ඉල්ලා අල්ලස් මුදල් වශයෙන් එම මුදල් ලබා ගැනීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 24 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙසයි වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.