අලි ඇත් පොරය දුර දිග ගොස් අසලින් ගමන් ගත් බස් රථයකටත් පහර දී තිබෙනවා.
එම බස් රථයේ මගීන් 30 සිට ඇති අතර එම පිරිස පොලිසිය මැදිහත් වීමෙන් බේරාගෙන තිබෙනවා.
අලි ඇත් දෙදෙනා ද්වන්ද සටනක.
අද(17) උදෑසන 07.00ට පමන කැබිතිගොල්ලෑවේ , හේරත්හම්මිල්ලෑව ගම්මානයේ සිංහයා උල්පත ප්‍රදේශයේදී ඇගලුම්හල් කාර්යමණ්ඩල ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.
එම ප්‍රරහාරයෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමට ආසන්න මට්ටමේ රැදි ඇති බවත් ප්‍රහාරය එල්ලවන අවස්තාවේ බස් රථයේ 30කුට ආසන්න කාර්යමණ්ඩලයක් සිට ඇති බව කැබිතිගොල්ලෑව මුලස්තාන පොලීසිය පැවසුවා.
ඊයේ(16) රාත්‍රී 11.45ට පමන මෙම අලි- ඇත් පොරය මෙම ගම්මානයේ ආරම්භ වී තිබෙනවා.
එය අද(17) උදෑසනවන විටත් ඒ අයුරින්ම ප්‍රධාන මාර්ගයට විත් පහර දීම් සිදුකරමින් සිටින අවස්තාවේ එය නොදන්නා බස් රථ රියදුරු එම මාර්ගයේ මෙම පුද්ගලික බස් රථයේ ඇගලුම් සේවිකාවන් රැගෙන ධාවනය කර ඇත.
එම අවස්තාවේ දී මෙම වන අලි ප්‍රහාරය බස් රථයට එල්ල වී තිබෙනවා.
එහිදී ගම්වාසීන් ඒ පිළිබඳ පොලීසිය දැණුවත් කර ඇති අතර එම අවස්තාවේ කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ආර් පීරිස් මහතාගේ උපදෙස් පරිදි කඩිනමින් ක්‍රියාතමක වූ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති චමිල රත්නායක මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් එම පිරිසට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොදී වන අලියා සහ ඇතා තරමක් දුරට පන්වා දමා බස් රථයේ සහ අවට කැලෑවට දුවමින් සිටි පිරිස ආරක්ෂිතව මුදවාගෙන තිබෙනවා.
මෙම පිරිස වැලිඔය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇගලුම්හලකට යමින් සිට තිබෙන බවට වාර්තා වනවා.
වන ජීවි නිලධාරින් සහ පොලිස් නිලධාරින් එම ප්‍රදේශයේ ආයුධ සන්නද්ධව රැදී සිටිමින් ජනතාවට ආරක්ෂාව සපයන අතර මෙම අලි ඇත් පොරයෙන් එක් සතෙකු මියයන තුරු නොනවිතින රංඩුවක් බවඳ ඒ පිළිබඳ අප කළ විමසීමේදී වන ජීවි නිලධාරින් සඳහන් කළා.
කිසියම් හෝ උත්සහයක් දරා එම සතුන් දෙදෙනා ආරක්ෂා කරගැනීමට උත්සහ දරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
එම මාර්ගයේ ගස් අතු කඩා බිද දමා , මාර්ග සංඥා පුවරුද බිද දමා ලේ වගුරවමින් මෙම ද්වන්ද සටන පවත්වා තිබෙනවා.





