බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වි සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම දෙසැම්බර් මස 15 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න සහ ලංකා ජයරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී මෙම ඇප ඉල්ලීමට අදාල විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව නඩුවට අදාල විරෝධතා තිබේනම් ඒවා මේ මස 28 වනදා ගොනු කරන ලෙස ව්නිසුරු මඩුල්ල නියම කළා.
ඉන් අනතුරුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ විභාගය දෙසැම්බර් මස 15 වනදා සිදු කිරීමට ද නියම කළා.
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාර අලි රොෂාන් නැමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළා.
එම සිර දඬුවමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ව ඇපමත මුදා හරිණ ලෙස ඉල්ලමින් අලි රොෂාන් සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.




