Published
නව ක්‍රමවේදයක් යටතේ ජනතාවට ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. ඒ අනුව ඔප්පු ලබා දීමේ ජාතික වැඩසටහන ඉදිරියේදී කිලිනොච්චියෙන් අරම්භ වන බවයි ඔහු පැවසුවේ.
ඉදිරියේදී ජනතාවට යළි ඉඩම් ලබාදෙන්නේ නිසි සොයාබැලීමකින් අනතුරුව බවද අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා.