ගාසා තීරයේ වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි අල්-බකා අවන්හල් පරිශ්‍රයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 20 දෙනෙකු මිය ගියා.

වෙරළ තීරයේ කූඩාරම්වලින් සමන්විත එළිමහන් ස්ථානයක මෙම අල්-බකා අවන්හල් පරිශ්‍රය පිහිටා ඇති අතර එම ප්‍රහාරයෙන් ගැඹුරු ආවාටයක් ද ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අල්-බකා අවන්හල ගාසා තීරයේ මධ්‍යධරණී වෙරළ තීරයේ මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ දුරස්ථ සේවකයින් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දුන් ප්‍රසිද්ධ ස්ථානයක් වනවා

සහන කණ්ඩායම් විපතට පත් තවත් පිරිස් සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.