WWE රෙස්ලිං දිවියේ අවසන් තරඟයෙන් පසු ජෝන් සීනා අද රෙස්ලිං වළල්ලට සමුදුන්නා.

ඒ පුරා වසර 23කට පසුවයි.

17 වතාවක් උඋෑ ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ටි්‍රයානු ජාතිකයෙකු වන ‘ගන්දර්’ට එරෙහිවයි.

කෙසේ වෙතත් එම තරඟයෙන් ජෝන් සීනා පරාජයට පත්වුණා.

සීනාගේ පරාජයෙන් ප්‍රේක්ෂකාගාරය පුදුමයට මෙන්ම නිහඬතාවටද පත් කළා.

තරඟයෙන් පසු WWE සියලුම ක්‍රීඩකයින් ජෝන් සීනාට සමුදීමට පැමිණි අතර රෙස්ලිං ශූරයින් වූ ‘කෝට් රෝඩ්ස්’ සහ ‘CM පන්ක්’ ඔවුන්ගේ ශූරතා, සීනාගේ කරමත තබමින් ඔහුට ආචාර කරනු ලැබුවා.

ජෝන් සීනා සිය ප්‍රේක්ෂකයින්ට හිස නමා ආචාර කරමින් තමන්ගේ වෘත්තිය දිවිය අවසන් කරන බවට නිවේදනය කළේ ඔහු දරා සිටි අත්පටි සහ සපත්තු රෙස්ලිං වළල්ලේ තබා බැස යාමත් සමඟයි.

ජෝන් සීනා රෙස්ලිං වළල්ලේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අතර ඔහු ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛායත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට පත්වූ චරිතයක් ද වුණා.

මෙම තරගය සම්බන්ධව අදහස් දක්වා ඇති බොහෝ පාර්ශ්වයන් සඳහන් කර ඇත්තේ මෑත කාලීනව මතකයේ පැවැති වඩාත් තියුණුම තරඟය මෙය වනු ඇති බවයි.

මෙම තරගය නැරඹීම සඳහා ප්‍රෙක්ෂකයින් රැසක් ක්‍රීඩාංගනය තුළට මෙන්ම ක්‍රීඩාංගනයෙන් පිටතටද සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනා, 2001 සිට වසරේ උඋෑ රෙස්ලිං වළල්ලේ රැඳී සිටියා.

ඔහු 17 වතාවක් WWE ශූරතාව හිමිකරගෙන ඇති අතර එය ක්‍රීඩකයෙකු දිනා ඇති වැඩිම ශූරතා සංඛ්‍යාවද වුණා.

ජෝන් සීනා මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවනවා.