Published
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදුකිරීමට නියමිතයි.
දේහය අද රාත්‍රියේ සිට මහනුවර, මහයියාව පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වුණා.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 57ක්.
ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවය සැලවූ විගස ඔහුට සමීප දේශපාලඥයින් රෝහල වෙත පැමිණියා.
මේ, එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහිදී අදහස් පළ කළා.
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 5ට සිදු කෙරෙන්නේ මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දීයි.



