සෑම අසිරු අවස්ථාවකම යුද හමුදාව රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටුකරන මෙහෙය ප්‍රශංසනීය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පසුගිය සුළි කුණාටුව හමුවේ ජනතාව මුදා ගැනීමේ සහ පහසුකම් සැපයීමේදී ඉටු කළ විශිෂ්ට කාර්යභාරයට ස්තූතිවන්ත වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින්.

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින් සහ එකම අරමුණ

කින් යුතුව සියලුදෙනා තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමෙන් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ලෙස පැවරී ඇති වගකීමත්, ආගමික සංස්ථාවන් ලෙස පැවරී ඇති වගකීමත්, ජනතාව ලෙස සහ ආරක්ෂක හමුදාවන් ලෙස පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කිරීමෙන් ඉතිහාසයේ අප සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකි බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.