Published
දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අයහපත් කාලගුණය සමස්ත දිවයිනටම දැඩි බලපෑමක් ඇති කලා.
එහෙත් දකුණු පළාත සහ කළුතර දිස්ත්‍රික්කය වැනි දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් ඇතිවූ බලපෑම අවමයි.
එහෙත් පැවති මහ වැසි සමග කළු ගග ඔස්සේ පාවී ආ ප්ලාස්ටික් පොලිතින් ලී කොට ආදී කසළ ටොන් ගණනක් කළු ගං මෝය පසු කර මුහුදට පාවී ගියා. එලෙස මුහුදට එකතු වුණු කසල තොග පිටින් මේ වන විට කළුතර වෙරල තීරයට ගොඩ ගසා එහි සුන්දරත්වය නැති කර තිබෙනවා.
මේ විදියට අසුන්දර තැනක් වෙලා තිබෙන කළුතර වෙරල පිරිසිදු කර යලි සුන්දර තැනක් බවට පත් කරන්න කළුතර අවට ජීවත්වන පිරිසක් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා සිටිනවා.
මේ වැඩේ වෙන්නෙ හෙට (14).
ඔබත් කළුතර අවට සිටින කෙනෙක් නම් මේ සත් කාර්යයට එකතු වෙන්න පුළුවන්.
කළුතර වෙරල පිරිසිදු කරන මේ වැඩේ හෙට උදෑසන 7ට ආරම්භ වනවා.





