අළුත්ගම දුම්රිය ස්ථානය ආසන්න හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.55 ට හික්කඩුව බලා ධාවනය වූ  සීඝ්‍රගාමී දුම්රියේයි අදාළ  ත්‍රිරෝද රථය ගැටී ඈත්තේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.