ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නෙැමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින්.

මේ අතර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළා. ආයෝජන සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. මේ අතර සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත කෙරුණා.