80 දශකයේ ආරම්භ වූ අප රටේ ජාතික සම්පත් දෙකක් වූ පැල්වත්ත සෙවනගල රාජ්‍ය ආයතන අද වන විට අන්ත පරිහානියට පත්වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ඡන්ද මධුරා රාමයේදී පැල්වත්ත සීනි සමාගම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සදහා පැවැති හමුවකදීයි.
මේ රජය පුනපුනාම කරන්නේ බොරුව, රැවටිල්ල, ජනතාව මංමුලා කිරිම බවත් පසුගිය දිනක ජනාධිපතිවරයා පිටරට ගොස් රටක් ලෙස ත්‍රිලියනයක් ඉතිරි කර ආර්ථිකය ස්ථාවර වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.
පවසන බවත් මිල මුදල් ඇති බවත් රටේ ආර්ථිකය ඉදිරියට ගොස් රාජ්‍ය අරමුදල් ඉතිරි වී නාස්තිය නතර වී ඇති බව පැවසුවත් ජනාධිපතිවරයා ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට පැල්වත්ත සහ සෙවනගල රැකගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
තවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ
මාස ගණනක් නොගෙවපු අර්ථ සාධක ලක්ෂ 3240ක් පැල්වත්තේ පමණක් ගෙවීමට ඇති බවත් ලක්ෂ 230 මාස 3ක අධිභාරයක් සහ ලංකා බැංකුවට ලක්ෂ 15000ක් ණය බවත් තවත් ලක්ෂ 3000ක් ගෙන ඇති බවත් ගොවීන්ට පවා ලක්ෂ 3000ක් ගෙවීමට ඇති බවත් සැපයුම්කරුවන්ට පවා ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවයි
පැල්වත්ත සීනි සමාගමේ ගොවීන් 5700ක් ආර්ථික ශක්තියක් ලබන බවත් මොවුන්ට දෙන්න ඇති තෙල් පොහොර වගා ආධාර හරියට ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ල සිටින බවත් සඳහන් කර සිටියා.
සෙවනගල කර්මාන්තශාලාවද දැවැන්ත ආර්ථික අපහසුතාවකට මුහුණ දී ඇති බවත් ණය, අර්ථ සාධක ගෙවීමට නොහැකි වීම ආදියට මුහුණ දෙන බවත්
රජයට ඇති මුදල්වලින් මේවා පියවිය යුතු බවත් 18% වැට් එක ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ස්ප්‍රීතු මිලදී ගන්න කිව්වත් රජය එය නොකරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
එයට හේතුව රජය අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත්වී ඇති නිසා බවත් රජය බලයට ආවේ නව අයි.එම්.එෆ්. ගිවිසුමක් නිර්මාණය කරනවා යැයි වුවත් බලයට පැමිණි පසු පහුගිය රජයේ කොන්දේසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
මේ නිසා අප රටේ දේශීය සීනි කර්මාන්තය විනාශ වෙමින් ඇති බවත් පැල්වත්ත සහ සෙවනගල විනාශ වෙමින් යන බවත් රජයට අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කරන්න කොන්දක් නොමැති බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා මේ වැට් බදු ඉවත් කරන ලෙස යෝජනා කළත් රජයෙන් කිසිදු විසදුමක් නොමැති බවත් මේ ප්‍රදේශවල ජනතාවගේ අපේක්ෂා බිද වැටී ආර්ථිකය පවා කඩා වැටී ඇති බවත් සඳහන් කර සිටියා.
ගොවියා රකිනවා දුප්පත්කම තුරන් කරනවා රාජ්‍ය ආයතන රකිනවා කියූ රජය අසමත් වී ඇති බවත් මේ අකාර්යක්ෂම දුර්වල පාලනය හරහා රාජ්‍ය ආයතන කඩන් වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ සේවකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරන්න රජය සූදානම් නැතිනම් ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ.




