විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බව එම මණ්ඩලයේ වෘත්තිය සමිති පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තවත් නොබෝ වේලාවකින් සිය නියෝජිතයින් රැස් වන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා. එම වෘත්තීය ක්‍රියාමාර්ගය අද ක්‍රියාත්මක වන්නේ අඛණ්ඩව 18 වන දිනටයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ එම වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළා.
සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තවත් නොබෝ වේලාවකින් වෘත්තීය සමිති නියෝජිතයින් රැස් වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ
එවන් පසුබිමක් තුළ විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය එන් එස් කුමානායක මහතා විසින්.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරවයි.
ඒ අනුව සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.




