ආණ්ඩුව බලයට පත් වී වසරක් ගතවන විට රටෙන් සියයට 50කට වඩා දුප්පතුන් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ කලා වැව, ගල්නෑව බල ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීමට එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී වසරක් ගතවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී විවිධ අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවේ වසරක කාලය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේ වසරක ගමන් මග සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.