ජනතාව මුහුණපා සිටින ගැටලුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවට දුන් පොරොන්දු ද ආණ්ඩුවට මේ වන විට අමතක වී ඇති බවයි.

මේ අතර රජය මගින් සපයා නොමැති ඖෂධ වර්ග හෝ උපකරණ කිසියම් රෝගියෙකුට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ට කිසිදු ගැටලුවක් මතුව නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.