වාහන වෙළඳපොළ තොරතුරු සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ ඇත්තේ ඉහළ උනන්දුවක්.
මේ, වාහන වෙළඳපොළේ මේ වන විට පවතින තත්ත්වයන් පිළිබඳ වාර්තාවක්.
වාහනයක් මිලදී ගැනීම අපේ රටේ බොහෝ දෙනෙකුගේ සිහිනයක්.
රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ දෙනාගේ වාහන සිහිනය ළඟා කරගත නොහැකි තරම් ඈතකට ගොස් තිබුණත් වාහන ආනයනය යළි ආරම්භ කිරීමෙන් පසු නැවතත් බොහෝ දෙනෙකු තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමට උත්සහ දරමින් සිටිනවා.
මෙම වසරේදී වාහන ආනයන බදු මගින් රජය අපේක්ෂා කළ ආදායම දැනටමත් ඉක්මවා තිබීම ඉහත කී කරුණු ඔප්පු කර පෙන්වන කදිම නිදසුනක්.
මේ දිනවල මෙරටට අලුතෙන් ගෙන්වන ජනප්රිය වාහන කාණ්ඩවල මිල ගණන් කෙබඳුද?
මේ, ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා.
රජයේ බදු ආදායම මඟහරිමින් ඇතැමුන් වාහන ගෙන්වා අලෙවි කිරීමේ තත්ත්වයක්ද පවතින බවද ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මෙහිදී සඳහන් කළා.




