Published
ආනයනික භාණ්ඩවලින් එල්ලවන බලපෑම්වලින් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ වෙළඳපොළ තුළ සාධාරණ තරඟයක් වෙනුවෙන් දේශීය කර්මාන්තකරුවන්ට නව ආරක්ෂාවක් මෙමගින් සකස් වන බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ආනයනික භාණ්ඩවල සත්‍ය නිෂ්පාදන මිල සොයාගැනීම සඳහා මෙමඟින් නෛතික වටපිටාවක් සැකසෙන බවයි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.