Published
අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු බෝ වන රෝගවල වර්ධනයක් මේ දක්වා නිරීක්ෂණය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසුවේ මී උණ සහ ඩෙංගු රෝගවල යම් ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවයි.
ආපදාවලට ලක්වූ සෑම ප්‍රදේශයකම ළිං පිරිසිදු කිරීමෙන් පසු ජලයේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරිම සදහා අවශ්‍ය මැදිහත්වීමද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන බවයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා වැඩිදුරටත් සදහන් කළේ.




