දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 366ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ආපදා හේතුවෙන් ආපදා හේතුවෙන් පුද්ගලයින් 367 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි.
පවුල් 316,366ක පුද්ගලයින් 11 51,776 දෙනෙකු තවදුරටත් පීඩාවත පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්. ආරක්ෂිත මධ්‍යස්ථාන 1,564ක පුද්ගලයින් 218,526 දෙනෙකු රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 06කට නිකුත් කර ඇති නායයෑමේ රතු නිවේදන හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.
එලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.
ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.




