Published
අපදා තත්ත්වයට මුහුණ දුන් දරුවන්ගේ භාරකාරිත්වය ලබාගන්නා බව පවසමින් කටයුතු කරන විවිධ ව්‍යාජ සංවිධාන, ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
එහි සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය පැවසුවේ පෞද්ගලිකව පෙනී සිටින එවැනි ආයතනවලට වඩා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් සමඟ එක්වන ලෙස ජනතාවට දැනුම්දෙන බවයි.
අපදාවේ මුවාවෙන් දරුවන්ගේ තොරතුරු සහ දත්ත එක්රැස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යක්ෂවරිය පැවසුවා.
මේ අතර ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින දරුවන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහනක් ද ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.




