ආපදා හේතුවෙන් කල් ගිය 2025 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද ආරම්භ වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් 640ක් හැර සෙසු පාසල්වල කටයුතු එලෙස ආරම්භ කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
ආපදාවට ලක්වූ පවුල්වල සිසුන්ට සහ ගුරුවරුන්ට නිල ඇඳුම වෙනුවට පහසු ඇඳුමකින් පාසල වෙත පැමිණීමටද අධ්‍යාපන බලධාරීන් අවස්ථාව සලසා දී තිබුණා.
ඒ අනුව ඇතැම් පාසල්වල සිසුන් පැමිණ තිබුණේ වෙනදා පාසලට සැරසී එන නිල ඇඳුම වෙනුවට වෙනත් ඇඳුම්වලින්.
එලෙස දීර්ඝ නිවාඩුවකින් පසුව මෙන්ම ආපදා හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව සිටි සිසු දරුවන් වෙනුවෙන් පාසල් මට්ටමෙන් විවිධ විශේෂ වැඩසටහන්ද සංවිධාන කර තිබුණා.
මේ, රුවන්වැල්ල ඇරෑපොලමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩසටහනකදී පළවූ අදහසක්.
පන්ති කමරවල අධ්‍යයන කටයුතු ආරම්භයේදී ඇතිවූ ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීමටද ගුරුවරුන් මෙලෙස කටයුතු කළා.
මේ, එම අවස්ථාවේදී පළවූ තවත් අදහසක්.
මේ අතර, තවත් දිස්ත්‍රික්ක කිහිපයක පාසල්වල කටයුතු අද ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් තොරතුරු සොයා බැලුවා.
මහනුවර නගරයේ සහ අවට ප්රදේශවලපාසල් කටයුතු යළි ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාව මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.
උතුරු පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාව වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.


