දිට්වා සුළි කුණාටුවෙන් දරුණු ලෙස බැට කෑ ශ්‍රී ලංකාව නැවත වරක් වේගයෙන් නැගිටිමින් සිටින්නේ මුළු මහත් ලොවම පුදුමයට පත් කරමින්. ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ආපදාවකට මුහුණ දුන් රට යළි වේගවත්ව ගොඩනැගෙන්නේ ධෛර්යවන්ත මිනිසුන් විශාල පිරිසකගේ අතිමහත් වූ කැපවීම මධ්‍යයේයි.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ මහ වැසි සහ ගලා ගිය චණ්ඩ ජල පහරවල් හේතුවෙන් අපේ රටේ මාර්ග පද්ධතියට සිදු කළ විනාශයද සුළුපටු නොවේ.

අද වන විට එලෙස කැඩී බිඳී ගිය ප්‍රධාන මාර්ග 315කින් සියයට 90ක්ම රථවාහන ගමනාගමනයට විවෘත කර ඇත්තේ රටවැසියන් මෙන්ම ලෝ වැසියන්ද පුදුමයට පත් කරමින්.

මේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා.

හානියට පත්වූ පාලම් 40න් 12ක් ගමනාගමනයට සුදුසු පරිදි දැනටමත් සකස් කර අවසන් අතර තවත් පාලම් 10ක ප්‍රතිසංස්කරණ කටයුතු ලහි ලහියේ සිදු වනවා.

ස්වභාවික ආපදාවකින් ඇදවැටුණු රටේ මාර්ග පද්ධතිය ලොවම මවිත කරමින් මේ අයුරින් යළි ගොඩනැගෙන්නේ ඒ සඳහා කැපවී සිටින නිලධාරීන්, සේවකයින් මෙන්ම තවත් පාර්ශව ගණනාවක මිනිසුන් රෑ දවල් නොබලා සිදු කළ කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

රටේ සියලු පුරවැසියන් එවැනි කැප කිරීමක් සිදු කරන්නේ නම් අපේ රට දියුණ රටක් බවට පත් කිරීම සිහිනයක් නොවන බව අපගේ විශ්වාසයයි.