ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු අත්‍යවශ්‍ය සේවා බොහෝ ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

ඒ අනුව බිඳ වැටුණු විදුලි සබඳතා සියයට 99ක්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ඔහු පැවසුවේ.

ගොවීන්ට ලබා දෙන සහනාධාරය මෙම සතිය අවසන් වන විට සියයට 75කට වැඩි ප්‍රමාණයකට ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවා.

මේ වන විට පශ්චාත් ආපදා හානි අවශ්‍යතා පිළිබඳ තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.