කෘෂිකර්මාන්තය සහ බෝග වගාව ඉදිරියේදී තවදුරටත් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැන් දැඩිව සොයා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඒ අනුව කඳුකරයේ තේ වගාව තවදුරටත් සිදු කරන්නේ ද නැතහොත් ඊට විකල්ප ඇත්තේ දැයි සොයා බැලීමට පවා සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පැවති ආපදා හේතුවෙන් හානියට පත් ලෝක උරුමයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් පළ කළා.

මේ අතර ඉකුත්දා රැස්වූ ආහාර සුරක්ෂිතා කමිටුව තීරණය කළේ වෙළෙඳපොළ තුළ කෘතිමව ඇති කරන ලද මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ලූනු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමටයි.