ආබාධ සහිත පුද්ගලයින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ලබා දී තිබූ කෝටාව සියයට 4 දක්වා ඉහළ දැමීමට තවදුරටත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සියයට 3ක් ආබාධ සහිත පුද්ගලයින් රාජ්‍ය සේවය සඳහා බඳවා ගත යුතු වනවා.

එහෙත් පසුගිය රජයන් සමයේදී එලෙස බඳවාගැනීම් සිදු කර නොමැති බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් වත්මන් රජය ඉදිරියටත් කටයතු කරන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරත් පැවසුවේ.

ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් කොළඹදී සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම අදහස් පළ කළා.