ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද දින “මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
මෙම සංචාරය, රට දැය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත්ව සිටින රණවිරුවන්ගේ සෞඛ්‍ය සුබසාධනය සහ ඔවුන්ගේ දිගුකාලීන රැකවරණය වෙනුවෙන් රජයේ නොසැලෙන කැපවීම යළිත් වරක් තහවුරු කිරීමක් බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.
අමාත්‍යවරයා සිය සංචාරයේදී “මිහිඳු සෙත් මැදුර” රණවිරු සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ පෞද්ගලිකව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී ඔවුන්ගේ අත්දැකීම්, අභියෝග සහ කැපවීම පිලිබඳ තොරතුරු විමසීමට කටයුතු කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානය ආබාධිත රණවිරුවන් හට ලැබිය යුතු ගෞරවය, ශාරීරික හා මානසික සුවතාවය සහ රැකවරණය ලබාදීමේ තෝතැන්නක් වශයෙන් පවතින බවට සහතික කිරීම සඳහා එහි නේවාසිකයින්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ආරක්ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවයි ඔහු සහතික කර ඇත්තේ.





