Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේ කතානායකවරයාට භාර දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඊට අත්සන් ලබා ගැනීම මේ දිනවල සිදු කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරීත්වය ඇතුළු වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී ඔහුගෙන් ඍජුව ප්‍රශ්න කළා.