ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සිය පක්ෂය ද සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ද සාකච්ඡා කළ බවයි.

කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ නිසි පරිදි සිදුවෙමින් ඇති බවයි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඊයේ භාරදුන්නා. ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.