Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තම තීරණය ඉදිරියේදී දැනුම් දෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින්.
විපක්ෂ නායකවරයා ඇතුලු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 31 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ පසුගිය 12 වනදායි.