ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ පකිස්තාන බලධාරීන් ලබාදුන් සහතිකයෙන් අනතුරුව පකිස්තාන සංචාරයේ සැලසුම් කර ඇති පරිදි තරගවලට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කැමැත්ත පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා ජනාධිපතිවරයාද මැදිහත් වූ බවයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද මාධ්‍ය හමුවේ කියාසිටියේ.

යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ නම් ඔවුන්ට එරෙහිව වසර දෙකක තරග තහනමක් පැනවීමේ සූදානම් පැවතියේද යන්න සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමක් කළා.