‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබද ශ්රී ලංකා ් කණ්ඩායම තැබූ බලාපොරොත්තු ඊයේ බොඳව ගියා.
ඒ, පාකිස්තාන ් කණ්ඩායම සමග පැවති තීරණාත්මක තරගය ලකුණු 5කින් පරාජයට පත්වීම හේතුවෙන්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 153ක් රැස් කළා.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ගාසි ගෝරි පන්දු 36කදී නොදැවී ලකුණු 39ක් රැස්කිරීමට සමත් වුණා.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂඨ පන්දු යැවීමක නිරත වූ ප්රමෝද් මධුශාන් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 29කට කඩුලු 4ක් දවාගත්තා.
ඒ අනුව ‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්රී ලංකා ් කණ්ඩායමට ලකුණු 154ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේවෙතත් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණයි.
මේ අතර ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ අනුව පාකිස්තානය හා බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසු ලැබුවා.
‘ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දෝහාහිදී හෙට පැවැත්වීමට නියමිතයි.




