ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවදින පළමු තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමගයි. එම තරඟය අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කරනු ලබන තෙවන අවස්ථාව මෙය වනවා. පෙර පැවති තරඟ දෙකම ශ්‍රි ලංකා කණ්ඩායම ජයගනු ලැබුවා.